Colombo Today Local News

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් සිවු දෙනෙකුට සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම කාරක සභාව ඉකුත් (07) වැනිදා රැස්විය.

ඒ අනුව –

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනෙත්‍රා ගුණවර්ධන මහත්මිය

දේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. අරුමෙයිනායගම් මහතා

සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා

පොල්, කිතුල්, හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සහ අපනයන විවිධාංගකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තිස්ස හේවාවිතාරණ මහතා

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජි. එච්. කේ. කේ. ගුණවර්ධන

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල්දයා රත්නායක

ලේකම්වරුන් කැඳවා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසු මෙලෙස අනුමැතිය ලබාදී තිබෙන අතර කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල රාජ්‍ය අමාත්‍යවරුනවන විදුර වික්‍රමනායක සහ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යනමහත්ම මහත්මීහු ද සහභාගි වී ඇත.

Related posts

පොලීසිය මාර්ග බාධක ඉවත්කරගනී.. වැලිකන්දේ සිට පාගමනින් මඩකලපුවට !

colombotoday

පොලිස්පති සංවේදී වෙයි.. මහ සභාවක් අමතමින් කදුළු සළා හඩයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

colombotoday

මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුග්‍රහය

Admin

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday