Colombo Today Local News

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම 05 වැනිදා අවසන්වීමෙන් පසු එම ඡන්ද පෙට්ටි 06 වැනිදා පෙරවරුව තෙක් ගබඩා කර තිබෙන කාමරවල දොර, ජනෙල් පවා මුද්‍රා තබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු අදාළ ඡන්ද පෙට්ටි මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මුද්‍රා තබා අනතුරුව ඡන්ද පෙට්ටි බැගින් විශාල කාඩ්බෝඩ් පෙට්ටියකට බහාලන අතර, එම පෙට්ටියද මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අත්සන් යොදා මුද්‍රා තැබීමට නියමිතයි.

ඒ ඒ දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි ගබඩා කර තිබෙන කාමරයේ දොරවල් සහ ජනෙල්වලද මැතිවරණ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අත්සන් යොදා මුද්‍රා තබන අතර, එම කාමර ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

පොලිස් නිලධාරීන් සමග මැතිවරණ නිලධාරීන්ද ජන්ද පෙට්ටි වල ආරක්ෂාව සඳහා යෙදවීමට කටයුතු කර ඇති අතර
එක් දේශපාලන පක්ෂකයකින් නියෝජිතයන් දෙදෙනකු බැගින් යෙදවීමටද අවසරය ලබාදී තිබේ.

මෙම ස්ථානවලට සිවිල් පොලිස් නිලධාරීන්ද යොදවන බව මැතිවරණ කොමිසම කියයි.

ගිනිපෙට්ටි, දුම්වැටි, මත්පැන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර රාජාකාරී සඳහා යොදවනු ලබන දේශපාලන පක්ෂ නියෝජිතයින් දැඩි පරික්ෂාවකට ලක් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කිසිදු වංචාවකට ඉඩක් නැති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related posts

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

කහ කිලෝ 902 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම් වෙරළ තීරයේදී අත්අඩංගුවේ

colombotoday

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday

වැලිමඩ නගරයේ උණුසුම් තත්වයක්.. බදුල්ල-නුවරඑළිය මාර්ගය අවහිරයි (Video)

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday