Colombo Today Local News

ගෙවුණු දින 04 ට ඩෙංගු රෝගීන් 65ක් – 20ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්

ගෙවුණු දින 04ට හමුවූ ඩෙංගු රෝගීන්ගෙන් 30%ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව ජාතික ඩෙංගි රෝග මර්දන ඒකකය කියයි. ඉකුත් දින 04 ට ඩෙංගු රෝගීන් 65 දෙනකු හඳුනාගෙන ඇත.

ගෙවුණු දින 04 ඇතුළතදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 20ක් ද මැයි මාසයේදී රෝගීන් 268 දෙනකුව හමු වී ඇත.

ඉකුත් මැයි මාසයේදී රෝගීන් 863ක් අප්‍රේල් මාසයේදී රෝගීන් 1860ක් සමඟ වසරේ මේ දක්වා රෝගීන් 7873 දෙනකු හඳුනා ගත් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

කොළඹ දිස්ත්‍රික්කය ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ අවදානමක් පවතින අතර පවතින වැසි සමග තවදුරටත් රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ දැඩි අවදානමක් ද පවතී. මෝසම් වැසි සමග බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල සියලු දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් තිබෙන බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවැසීය.

මෙම පළාත්වල පැතිරයන ඩෙංගු රෝගය සෙසු පළාත්වලට පැතිරයාමේ අවස්ථාව තිබෙන බව ද කී අධ්‍යක්‍ෂවරයා තමන් පදිංචි පරිශ්‍ර මෙන්ම රාජ්‍ය පෞද්ගලික ආයතන පරිශ්‍ර වට පිටාව මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පිරිසුදු කර ගැනීමට උනන්දු විය යුතු බවද අවධාරණය කරයි.

Related posts

කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති

colombotoday

අද මධ්‍යම රාත්‍රී සිට නිරෝධායන නීති යළිත් වෙනස් වෙයි

colombotoday

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

තනතුරු බෙදන්න ගොස් සිරිකොතේ අලි වලි! රනිල්ගේ ඇරඹුමම කඳුලක්ද?

Charith Sankalpana

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

Dilmah Tea නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Admin