Colombo Today Local News

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබා දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා අග්‍රාමාත්‍යවරයා අතර අද (11)දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවසූහ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් ජී පුංචිහේවා, ඇතුළු කොමිසමේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

දිස්ත්‍රික්කය අනුව ගෑස් මිල ගණන් මෙන්න

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

මොරටුව – පිටකොටුව මාර්ගයේ බස් රථ වර්ජනයක්

Admin