Colombo Today Local News

තේ වේල ප්‍රමාද කර පාර්ලිමේන්තුවේ පාන් දීලා කාර්යමණ්ඩලය නොසතුටින්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල පස්වරු 5.00 ට පමණ දෙනු ලබන සවස තේ වේල එදින පස්වරු 6.00 දක්වා ප්‍රමාද කර තිබේ. පසුව පාන් සමග සැමන් සම්බෝලයක් දීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෝ මහත් අප්‍රසාදයට පත්ව සිටිති. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් අතර මස් – මාළු හෝ උම්බලකඩ ආහාරයට නොගන්නා අය බොහෝ දෙනකු සිටින බැවින් ඔවුන්ට සිදුවී ඇත්තේ පාන් පමණක් ආහාරයට ගැනීමටය.

පාර්ලිමේන්තු රැස්වීම් රාත්‍රී 8.00 වනතුරු පැවැත්වෙන්නේ නම් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට රාත්‍රී ආහාර දිය යුතු යයි නියමව ඇත. එහෙත් මෙම පාන් සහ සැමන් සම්බෝලය දුන් දා රාත්‍රී 9.00 වන තුරුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වී තිබේ.

සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම රාත්‍රී වන තුරු පැවැත්වෙන්නේද යන්න පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් විමසා බලා අවශ්‍ය පරිදි රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමයි. එහෙත් එදින එවැන්නක් සිදු නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවයකන් රාත්‍රී 11.00 ට පමණ නිවසට යන තුරුම කුසගින්නේ සිටීමට සිදුවී තිබේ.

දිනකට රුපියල් ලක්ෂ ගණනක් අපතේ යවන පාර්ලිමේන්තුව තම සේවකයන් කෙරේ දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් ඔව්හු කළකිරීමට පත්ව සිටිති.

Related posts

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

colombotoday

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday