කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.
ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.
ඔවුන් නිවාඩු ලබා නිවසට පැමිණ ගමන් බිමන් ගියේ ස්ථානයන්හි පුද්ගලයන්ද සොයා ස්වයං නිරෝධායනට ලක්කර ඇත.