Colombo Today Local News

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වයිරසය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17)දින නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු පවසයි.

මේ අතර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙකු,හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියගේ සමීපතමයින් 30 දෙදෙනෙකු වන බව පවසයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයාගේ මව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන අතරතුරදී කොරෝනා වයිරසය වැළඳීමත් සමඟ ඇයගේ සමීපතමයින් 30 දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමට පියවර ගැන තිබුණි .

ඒ අනුව ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද, ඔවුන් සමඟ ආශ්‍රය කළ හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකළ බව උසස් පොලිස් නිලධාරියා පවසයි.

Related posts

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

“අපේ මිතුදම ගැන අන්තවාදීන් වැරදි කතා කියනව” ජනපති සිරිසේන ඉන්දීය අගමැති මෝදිට කියයි

colombotoday

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

colombotoday