Colombo Today Local News

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම්දීම සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව ලබාදිය යුතු සහනයන් සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවවලට නිකුත් කර තිබේ.

ඒ අනුව 2021 මැයි 15 වන දින සිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා මුල් මුදල හෝ ණය පොළිය යන කොටස් දෙකම අයකර ගැනීම අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතුය.

අක්‍රීය ණය පහසුකම් සඳහා වන සියලු අයකර ගැනීම් ද අගෝස්තු 31 දක්වා කල්දැමිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.

එමෙන්ම පන්ලක්ෂයට අඩු චෙක්පත්වල වලංගු කාලය ජුනි 30 වනදා දක්වා දිර්ඝ කර ඇති අතර කෙටී කාලීන චක්‍රීය ණය පහසුකම් පියවීම සඳහා අගෝස්තු 31 දක්වා අවස්ථාව ලබාදීය යුතු වේ.

එම සහන යෝජනා ක්‍රම සඳහා ඉල්ලුම් කිරීමට අපෙක්ෂාකරන ණය ගනුදෙනුකරුවන් ජුනි 21 වන දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලීමක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

කෙසේවෙතත් ජුනි 1 වනදායින් පසුව වුවද පිළිගත හැකි හේතුවෙක් මත ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් භාරගන්නා ලෙස ද බලපත්‍රලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

Related posts

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

colombotoday

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

colombotoday

ආණ්ඩුව ඇතුලේ වෙනම මුස්ලිම් ආණ්ඩුවක් | කොරෝනා මරණ ආදාහන ගැටලුවට හේතුවූ අල්ලාහ් ගේ අධිකරණය.

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday