Colombo Today Local News

හෝදලා – වේලලා විකුණන පිටකොටුවේ මාස්ක් ?

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකින්, නැවත භාවිත කළ නොහැකි මුව ආවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබේ.

ඊයේ (10)දින දහවල් කොළඹ, කොටුව හතරවන හරස් වීදියේ, ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබිය දී මෙලෙස සොයා ගෙන ඇත.

කොටුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහත පවසා සිටියේ, පිටකොටුව පරිසර පොලීසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN 95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් වේලීමට තබා තිබු බවය.

පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හිමිකරුවන් විසින් වැස්සට තෙමී ගොස් ඇති බැවින් මෙලෙස වේලා ගන්නා බව සඳහන් කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඒ පිළිබඳ ඇති වු සැකය මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව, පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකාන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී.ලාල් කුමාර මහතා පැවසීය.

Related posts

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin

වැඩි මිලට සහල් අලෙවි කළහොත් දඩය ලක්ෂ 50යි… මාස හයක් හිරේ

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

colombotoday