Colombo Today Local News

හේමසිරිට හා පූජිතට ඇප

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත නිදහස් කර තිබේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් 250000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද රුපියල් 250000ක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මහත ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයේ බලපෑම හා එම ප්‍රහාරය වලක්වා නොගැනීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට සෑම මසකට වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

Related posts

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

Admin

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

ගාල්ල මිලිදුව මුහයියාදීන් තයිකා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් පහර දෙයි

colombotoday

කොස්, ක්‍රෝටන් හා තණකොළ නිසා දකුණු පළාත්සභාව උණුසුම් වෙයි

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday