බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිශාන්ත ශ්රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත්රීවරු විපක්ෂයේ අසුන් ගත්හ.
ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරති.
එම මන්ත්රී දෙපළ විපක්ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කළෝය.
මෙම දෙපළ විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් නැගී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දෝෂාරෝපණය කළ අතර ඒ අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් නැගී සිටිමින් හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන්නට වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය.