බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධි මත්ද්‍රව්‍ය හා මත්පැන් සමග පුද්ගලයින් 373 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (11)දින උදෑසන 06.00 සිට අද අළුයම 05.00 දක්වා මෙම වැටලීම් සිදුකළ බව පොලීසිය පවසයි.
හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 161 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.