Colombo Today Local News

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

නව අමාත්‍යාංශ දෙකක් සදහා බලතල සහ කාර්යයන් දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ එම අමාත්‍යංශ දෙකයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසීමට සිටි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාට මෙම තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පැවරීමට සූදානමින් සිටි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ ශ්‍රි ලංකාව මේ වන විට මූන පා ඇති උග්‍ර විදේශ විනිමය ගැටළුවට විසදුම් සෙවීමට විදේස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමේ විභවයක් ධම්මික පෙරේරාට ඇතැයි යන විශ්වාසයෙනි.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ විෂය පථයට මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවති බලතල හා කර්තව්‍යයන් කිහිපයක් ද එක් කර ඇත. ආගමන හා විගමන කටයුතු, විදුලි සංදේශ කටයුතු නියාමනය, තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම, සයිබර් ආරක්ෂණය, පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආයෝජන ප්‍රවර්ධනය, ආර්ථික සංවර්ධන කලාප ප්‍රවර්ධනය ආදිය මින් මතු නව අමාත්‍යංශය විෂය පථයට අයත්ය.

අදාල ගැසට් නිවේදනය පහතින්.

Related posts

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

colombotoday

මනුෂ නානායක්කාර කියන්නේ කුට්ටියට පනින කෙනක්. පවුල් දෙකක් තුනක් නඩත්තු අරන්නත් තියෙනවනේ

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කෙරේ

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday