Colombo Today Local News

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

පානදුර දකුණ පොලිසිය මගින් හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හෙරොයින් ග‍්‍රෑම් 14 යි මිලිග‍්‍රෑම් 700 ක් සමගයි.

අදාළ කාන්තාවන් මොරටුව, මුරවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර කාන්තාවන් සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ අදාළ කාන්තාවන්ට මත්කුඩු ලබාදෙන සැකකරු පැනගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලබාදුන් තොරතුරකට අනුවයි එම වැටලීම සිදු කර ඇත්තේ. පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති එම්. එස්. කුමාරසේන සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එම වැටලීම සිදු කර තිබේ.

Related posts

තිරිඟු පිටි මිල රු 40කින් ඉහළට

colombotoday

ජනපති එයි…

colombotoday

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday

හලාවත ඛේදවාචකය..

Admin