Colombo Today Local News

හෙටත් පාර්ලිමේන්තු යනවාද නැද්ද? ආණ්ඩු පක්ෂය තීරණයක් ගනී….

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අනිද්දා (05 ) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායට අනුකූලව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වෙනසක් නොමැති බව කී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සිරිකොත රැස්වීම්වලට සහභාගී වීමේ අවශ්‍යතාවක් නැතැයිද පැවැසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවු ආකාරයද අගමැතිවරයා සහ ඇමැතිවරුන්ගේ මුදල් කපා හැරීමේ යෝජනා ඉදිරිපත් කළ ආකාරයෙන්ද නීතී විරෝධි යැයි ඇමැතිවරයා කීවේය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් හතරක් වර්ජනය කර ඇත.

Related posts

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

“ජීවිතේ පුරාම සිංහලයන්ට වැඩ කරා.. දැන් දෙමළ ජනතාවට වැඩ කරනවා“ – චන්ද්‍රිකා

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

colombotoday