Colombo Today Local News

හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කළ කාන්තාවකට කොරෝනා : කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් 12ක් ඇතුලු 43ක් නිරෝධායනයට

කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුලත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කුලියාපිටිය රෝහලේ මේ වනවිට ප‍්‍රථිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රථිකාර කිරීම දිගටම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම රෝගීන්ට ප‍්‍රථිකාර කළ සාත්තු කළ මෙන්ව ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වනවිට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රථිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කළේ.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇත.

වෛද්‍යවරුන්ට පසුව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවූ විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඇයට PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

Related posts

ජනපතිගේ තවත් නියෝගයක් විසිවේ.. ඇමතිලාට ගෙවල්, වාහන ගන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් !

colombotoday

මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවෙනුත් පහලට බහිනවා ! මෛත්‍රී කියයි

colombotoday

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

ආර්ථික අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday