Colombo Today Local News

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමා කොළඹට ගෙන ආවේ බසයෙන්

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමාගෙන පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක එම ගමන් මල්ල රැගෙන විත් ඇති බවය.

යම් පුද්ගලයෙකු විසින් වේල්ල වීදියේ මාර්ගයක ට්‍රැවලින් බෑගයක් තල්ලුකර ගෙන යන අයුරු එම ස්ථානයේ වු සී.සී.ටීවි දර්ශනවල සටහන්ව තිබු අතර, පොලීසිය ඒ පිළිබඳ විමර්ශන සිදුකිරීමේන් අනතුරුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබේ.

මේ අතර කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඊයේ (01)දින සොයා ගත්තේය.

පොලීසිය පැවසුවේ එම සිරුර වයස අවුරුදු 20ක් පමණ වූ තරුණියකගේ බවය.

පිටකොටුව වේල්ල වීදියේ වෙළෙඳසැලක් ඉදිරිපිට තිබූ එම සැක සහිත ගමන් මල්ලක් පිළිබඳ වෙළෙඳසැල් හිමියකු වේල්ලවීදිය පොලීසියට දුන් තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය.

Related posts

වරද නිවැරදි කර ආයති සංවරයෙහි පිහිටුවයි… කිරම විමලජෝති හිමියන්ගේ ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

එජාපයේ තීරණයට ජනපති හරස් වෙයි… ආණ්ඩුව තවත් අවුලක…

colombotoday