Colombo Today Local News

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ශ්‍රී රංගා, වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියෝග කර තිබේ.

ශ්‍රී රංගා මහතාට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබුණ වාහන බලපත්‍රයෙන් ලබාගත් ලියාපදිංචි නොකළ වාහනය ගමන් කිරිමේදී 2011/03/30 දා සෙට්ටිකුලම රෝහල අසළදී වාහනය ගසක හැපී සිදුවු අනතුරකින් එහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මිය යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම වෙනුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිතිපතිවරයා නියෝග කළ බව නීතපතිගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළායා.

මෙහිදි කේ. ශ්‍රී රංගා මහතා වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකතනයෙන් අමතා  අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය ධාවනය කළේ මියගිය පොලිස් සැරයන්වරයා බවට සඳහන් කරන ලෙස දන්වා තිබේ.

ඒ අනුව අපරික්ෂාකාරී ලෙස වාහනයක් පදවා පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් කේ. ශ්‍රී රංගා මහතාත්,  එම අනතුර සිදුකළ සැකකරු අත්අඩංගුවට නොගෙන පළා යෑමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිපතිවරයා සඳහන් කර ඇතැයි නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Related posts

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

colombotoday

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday