Colombo Today Local News

හිටපු කොටි සැකකරුවන් ලබන 7 වනදාට පෙර නිදහස්

140810163044_sampanthan_640x360_afpබරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසයි.

ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවත් ඊයේ, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව දුරකථනයෙන් තමාත් අධිකරණ ඇමතිවරයාත් දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතු බව සඳහන් කළ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, බරපතළ චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පැවසුවේය. මේ මස අවසන් වීමට පෙර සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

උපවාසයේ නිරතව සිටින සිරකරුවන් කිහිප දෙනකුට මෙම පණිවිඩය තමා දුරකථනයෙන් දැනුම් දුන් බව පැවසූ ඔහු, එම්.ඒ .සුමන්දිරන් මන්ත්‍රීවරයා මගින් එම තොරතුරු ඔවුන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

Related posts

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වැඩ වර්ජනයක

Admin

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday