Colombo Today Local Newsextremism & terrorism activities

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සමට කරුණු කියන්න නීතිපතිට නොතීසි

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන හබයාස්කෝපූස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නීතිපතිවරයා වෙත නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය අද(30) පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.

එසේම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම ලබන 05 වැනිදා තෙක් කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළේය.

එම නීතීඥවරයාගේ පියා සහ සොහොයුරා අභියාචනාධිකරණය හමුවේ ⁣රිට් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබු මෙම පෙත්සම් ඊයේ(30) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් හමුවේ කැදවිණී.

කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ ඉකුත් මාර්තු 20 වැනිදා සිට වසා දමා තිබූ අභියාචනාධිකරණය මාසයකට පසුව  නැවත අධිකරණ කටයුතු සදහා ආරම්භ වූයේ මෙම පෙත්සම් සලකා බැලීම වෙනුවෙනි.

පෙත්සම කැදවූ අවස්ථාවවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කිසිදු රජයේ නීතීඥ නියෝජනයක් නොවිණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ  මේ සම්බන්ධයෙන් නීතිපතිට නොතීසි දන්වා යැවු බවය.

ඒඅනුව කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් කරුණ  දැක්වීමට නීතිපතිට නැවත නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කළේය

පෙත්සම සලකා බැලීම ලබන මැයි 05 වැනි දිනට කල් තැබීමට ද අභියාචනාධිකරණය නියම කළේය.

මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත් , ඔහුව වහාම පොලිස් අත්අඩංගුවට  ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් වෙන වෙනම ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ඉක්‍රාම් මොහොමඩ් සහ සාලිය පීරිස් යන මහත්වරුන් ද , නීතිඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය පෙනී සිටියහ.

Related posts

ජීවනෝපාය අහිමි පවුල් 5,75,520කට දෙදෙහසේ දීමනාව ලබා දී අවසන්

colombotoday

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday