Colombo Today Local News

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

maithripala-sirisena-620x3601
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන බව ජනාධිපති මෛත්‍රීපිල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ය.

පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීම සඳහා සූදානම් වන්නැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

මැතිවරණය සදහා තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත්, අයදුම්පත් කැදවා තිබෙන අතර එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබෙනවා.

මීට පෙර පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර තිබුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ සහ සමානුපාතික යන ක්‍රම දෙකටම පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි.

Related posts

“බැඳුම්කර ගනුදෙනුවට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහෙන්ද්‍රන් සාක්ෂි දෙයි

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday