Colombo Today Local NewsUncategorized

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ නමැති අය අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා සම්බන්ධ නඩුව හෙට 07 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. එම හමුදා සාමාජිකයන් නිදහස් කර ගැනීම සදහා 2015.11.07 වන දින හෝමාගම අධිකරණ බල ප්‍රදේශය තුළ විරෝධතා ව්‍යාපාර, රැස්වීම් පැවැත්වීම වළක්වමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පැමිණිල්ලකට අනුව මෙසේ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසකටය. එම වාරණ නියෝගය පහත දැක්වේ.

ct56899

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අත්අඩංගුවට පත්ව සිටින රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින අදාළ සංවිධාන සහ ක්‍රියාකාරීන් පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්ව සිටින කොටි ත්‍රස්තවාදීන් එකින් එක නිදහස් කිරීමට රජය කටයුතු කරමින් සිටියදී එම ත්‍රස්තවාදීන්ට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් රාජකාරී කළ යුද හමුදා හමුදා නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේම අත්අඩංගුවට ගෙන සිරගත කිරීම අතිශයින්ම නින්දාසහගත නිර්ලැජ්ජිත ක්‍රියාවක් බවයි. කොටි ත්‍රස්තයන් නිදහස් කරද්දී රණවිරුවන් සිරගෙට දක්කමින් වත්මන් රජය ඉතිහාසගත පාවාදීමක නිරතවෙමින් සිටින බවද ඔවුන් චෝදනා කරති.

Related posts

වන පද්ධතිය ආරක්ෂා කරගන්න සෑම පියවරක්ම ගන්නවා – ඊයේ බදුර්දීන්ට ඇමතිකමක් දුන්න ජනපති අද පුරසාරම් දොඩවයි

colombotoday

වැඩට නොආ දුම්රිය සේවකයන් ඉවතට

colombotoday

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday