Colombo Today Local News

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ලබන වසරේ (2021)අයවැය ලේඛනය වැඩි චන්ද 14 කින් අද (24) සම්මත විය.

මෙහිදී ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් හතර දෙනෙක් අයවැය ලේඛනයට පක්ෂව චන්දය පාවිච්චි කළ අතර විපක්ෂයේ මන්ත්‍රිවරුන්වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්තිදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු දෙදෙනා අයවැයට විරුද්ධව චන්දය පාවිච්චි කළහ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු වන මනුජිත් ළමාහේවා මහතා චන්දයදීමෙන් වැලකී සිටියේය.

ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන නිව්ටන් පුංචිහේවා යනමහත්වරුන් දෙදෙනා මෙම රැස්විමට පැමිණ සිටියේ නැත.

සභාපති දිල්ෂාන් විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ පුධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.

Related posts

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

කොළොන්නාවේ වෙඩි තැබීමක්

Admin

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday