ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ගස් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනියම් ඇසුරක් පැවැත්වූ බවට වරදකාරිය වූ මැය මරදාන ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් බවයි පැවසෙන්නේ. සෞදියේ සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග ඇය අනියම් ඇසුර පවත්වා තිබෙන අතර එම තරුණයාට සෞදි අධිකරණය විසින් කස පහර සියයක් නියම කර තිබෙන බව වාර්තා වනවා.
අදාල චෝදනා සම්බන්ධයෙන් එම කාන්තාව වරද පිළිගෙන ඇති බව වාර්තා වන අතර ඇයගේ දඩුව ලිහිල් කරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය සෞදි රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.