Colombo Today Local News

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කොමිසම සූදානම්

සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ කොමිෂන් සභා පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ගෝලීය තත්ත්වය සළකා බැලීමේදී මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදුවන්නේ පාලිත කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ බවයි.

ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබාදීමට අපේක්ෂිත හා දැනටමත් කෙටුම්පතක් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඡන්ද විමසීම් කාර්ය මණ්ඩලයට යොදා ගැනීමටත්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් මඟින් ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමටත් වැඩපිළිවෙළක් සකස් කිරීමට බලාපොරෙත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසංගතය සමාජයේ පැතිරෙන්න ඉඩ ලබා දෙන්නේ නැති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

Related posts

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

ඇමරිකා-ශ්‍රීලංකා ආරක්ෂක ගිවිසුම සූදානම්, රට නැවතත් යටත් විජිතයක් වීමේ අවදානමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්…

colombotoday

සිංහල නම්වලින් පෙනී සිටිමින් මුස්ලිම් පල්ලියකට පහරදීමට සැලසුම්කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි…

colombotoday