Colombo Today Local News

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුවන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්

1446974397topsobitha1අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය 12 වන බ්‍රහස්පතින්දා පස්වරු 3 ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත අතර එදින ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ. සෝභිත හිමියන්ගේ දේහය අද රාත්‍රී 9යි 15ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට වැඩම කෙරෙන අතර අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

උන්වහන්සේගේ දේහය මේ වන විට සිංගප්පූරු ගුවන්තොටුපළ වෙත වැඩම කර ඇති අතර රජය වෙනුවෙන් අමාත්‍ය රවී කරුණානායක දේහය භාර ගනු ලැබූ බව තානාපති අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

අපවත්වන විට 73 වන වියේ පසු වූ උන්වහන්සේ මෙරට ජාතික දේශපාලනික සමාජ තලයේ සුවිශේෂී භූමිකාවකට පණ දුන් භික්ෂූන් වහන්සේ නමකි.  උන්වහන්සේගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් නිකුත් කළ වීඩයෝ පටයක් පහතින්.

https://www.youtube.com/watch?v=zjMpgm7Z9uI

Related posts

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

Admin