Colombo Today Local News

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ සැකකරුවෙකු කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(02) උදෑසන 10.15ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ තුඩුවාමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු රාවතාවත්ත, මොරටුව යන ලිපිනයේ පදිංචි අරඹවෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න නැමති අයෙකි.

මොහු මිය ගිය ප්‍රකට පාතාල නායකයෙක් වන “සොත්තු උපාලි“ නැමැත්තාගේ පුතා වන බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර හෙට(03) දින සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරටුමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

Video – ‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්

colombotoday

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ 24වන යුද හමුදාපති ධූරයට පත් කෙරේ

colombotoday

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday