Colombo Today Local News

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න – ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයට දන්වයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

තමාව පැහැර ගැනීමට ලක්වූ බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශ කිරිමේ චෝදනා යටතේ ඇය මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති එය මාධ්‍ය තුළ බොහෝ අවධානයට ලක්වූ සිදුවීමක් වියි.

මෙම සංවර්ධනයක් පිළිබඳව දෙපාර්තමේන්තුව සැළකිලිමත් බවත්  තම සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කර සහතික කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සේවා යෝජකයෙකු ලෙස ඔවුන්ගේ වගකීම් දිගටම ඉටු කරන බවත් කාර්ය මණ්ඩල සාමාජිකයාට සහාය වීම සඳහා ඔවුන්ගේ උපරිමයෙන් කටයුතු කරනු ඇති බවත් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2019 නොවැම්බර් 25 වන දින තමාව පැහැරගත් බවත් තානාපති කාර්යාලයට අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස මෙහිදී බල කළ බවත් ගානියා බැනිස්ටර් මහත්මිය සඳහන් කළාය.

මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් කළ අතර පසුව හෙළි වූයේ එවැනි පැහැර ගැනීමක් සිදු නොවූ බවයි.

මේ සිදුවීමට අදාළ නඩු විභාගයේදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ නීතිය යටතේ ඔවුන්ගේ යුතුකම් ඉටු කරන ලෙසත්

තම සේවකයාගේ දුර්වල සෞඛ්‍ය තත්වය පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවත එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට විදේශීය සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

colombotoday

ජනපති නතරකළ ටැබ් ව්‍යාපෘතිය නැවතත් සූදානම්…

colombotoday

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“ආණ්‌ඩුව ජිනීවාහිදී රට ජාතිය සහ අපේ හමුදාව පාවා දුන්නා“ – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday