Colombo Today Local News

සුව විරුවන් රූපවාහිනියට පමණක්ද? දීමනා කප්පාදුවට එරෙහිව හෙද නිලධාරීන් නිහඬ විරෝධතාවක

අද (26)දින පෙරවරුවේ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහල ඉදිරිපිට දී හෙද නිලධාරීන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත විය ඒ මධ්‍යම පළාත් සභාව මඟින් තමන්ට ලබා දීමට තිබූ දීමනා කප්පාදු කිරීම සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනුයි.

“සුව විරුවන් රූපවාහිනියට පමණක්ද” “රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුව විරු වේ” යන ආදී වදන් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම හෙද නිලධාරීන් විරෝධතාවයේ නිරත වෙන අයුරු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවට දඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීනියන් හා නිලධාරීන් 20 කට අධික සංඛ්‍යාවක් සහභාගී ව තිබූ අතර එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ දඹුල්ල ශාඛාවේ ලේකම් සමන් විජේරත්න මහතා කියා සිටියේ, මධ්‍යම පළාත් සභාව මඟින් තමන්ට ගෙවීමට නියමිතව තිබූ දීමනා රැසක් මේ වන විට කප්පාදු කර ඇති බවත් තමන්ට නිසියාකාරව මේ වන තෙක් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම හේතුවෙන් මෙම නිහඬ විරෝධතාවය පවත්වන බවයි.

එසේම මෙම නිහඩ විරෝධතාවයෙන් අනතුරුව හෝ තමන්ට නිසියාකාරව ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙසද හෙතෙම ඉල්ලීමක් කළේය.

Related posts

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවේම නිපද වූ Quadricycle රථය ළගදීම වෙළදපොලට !

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday