Colombo Today Local News

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන් වීම ගැන පළමු පැමිණිල්ල අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට ඉදිරිපත් කරන බවත්, ඒ පිළිබඳ සොයා බැලීම එම කාර්යාලයේ වගකීම බවත් පිවිතුරු හෙළ උරුමය පවසයි.

ඊයේ (26දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා මේ බව පැවැසූ අතර එහිදී හෙතෙම මෙසේද සඳහන් කෙළේය.

අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේදී දිගින් දිගටම විවිධ පාර්ශ්වයන් අගමැතිවරයාට චෝදනා ගෙන ආවා. ඔහුව පත් කරන්නට එපා කියලා.

නමුත් ඒ දිනවල නම් අගමැතිතුමා ප්‍රසිද්ධියේ එතුමන් වෙනුවෙන් පෙනී සිටියා. මීට පෙර අවස්ථාවක අර්ජුන මහේන්ද්‍රන් විදේශගත වීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එතුමන් කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් තමාට හමුවූ අවස්ථාවේදී විදෙස්ගත වී එන බවට පැවැසූ බවයි. අර්ජුන මහේන්ද්‍රන්, උදයංග වීරතුංග මෙන් පැන ගියේ නැති බවයි. එදා එසේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කතා කළ අගමැතිවරයා මෙදා අර්ජුන මහේන්ද්‍රන් විදෙස්ගතවීමෙන් පසු පවසන්නේ මොනවාද?

අපට මතකයි මහනුවර, දිගන සිද්ධීන් අතරතුර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය බලපවත්වන තැනට මේ ආණ්ඩුව කටයුතු ක්‍රියාත්මක කළා. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පිවිතුරු හෙළ උරුමය පළමු නඩුව ගේනවා. මොකද මේ වන විට අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන් වූ පුද්ගලයෙක්. මේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපට සැක අගමැතිවරයාවයි.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක:

පසුගිය වකවානුව තුළ අගමැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ අනුව නම් මේ රටේ ජනතාවට අගමැතිවරයාට විශ්වාසය පළ කරන්නට හැකියාවක් නෑ කියන කාරණය අපි කියනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ 4 වැනිදා උදා වෙන්නේ අගමැතිවරයාගේ විශ්වාසය පළ කිරීම කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා රකින්නේද? එක්සත් ජාතික පක්‍ෂය තම නායකයා රකින්නේද? ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම ආණ්ඩුව රකින්නේද? නොඑසේ නම් මේ රටේ ජනතාවට කන් දෙනවාද යන ප්‍රශ්නයයි. අප්‍රේල් 04 වැනිදාට විස¼දා ගත යුත්තේ.

වසර තුනකට ආසන්න කාලයක් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අවහිර කරපු මේ ආණ්ඩුව දැන් පළාත් සභා සීමා නිර්ණය කිරීම හරහා පළාත් සභා මැතිවරණය තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඉන්නවා.

අද ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් වෙච්ච මනෝ ගනේෂන් වගේම රාවුෆ් හකීම් වැනි සුළු ජාතික පක්‍ෂ කණ්ඩායම් කිහිපයක්ම ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතනවල අත්හදා බලපු මේ නියෝජන ක්‍රමය අසාර්ථක බව.

Related posts

පොලිස් නිල ලාංඡනය මුද්‍රණය කළ ඇදුම් තොගයක් බිබිලෙන් සොයා ගනී….

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

රෝසි සහ ඉමිටියාසුත් එජාප කෘත්‍යාධිකාරියෙන් දොට්ට !

colombotoday

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin