Colombo Today Local News

සුවහසක් ජනතා ප්‍රාර්ථනය ගෝඨාභයයි… අපේ පිලේම උද්දච්චයන් කකුලෙන් අදිනවා – විමල්



මීළග ජනාධිපතිවරයා විය යුතු යැයි මෙරට සුවහසක් ජනතා ප්‍රාර්ථනය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, එම මහජන ඉල්ලීම තමන්ද නියෝජනය කරන බවත් ජාතික නිදහස් පෙරමුණො නායක විමල් වීරවංශ මහතා පවසයි.

ශ‍්‍රීලනිප හා පොහොට්ටුව අතර නව සන්ධානයක් ගොඩනගනවාට විරුද්ද පිරිසක් සිටින බවත් මැතිවරණයක් ජය ගැනීමට නම් එක් කර ගත හැකි එක් කර ගත හැකි සියළු පිරිස් එක් කර ගත යුතු බව ඔවුනට නොතේරෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

තනිව දිනන්න හැකියයි උද්දච්ච ලෙස කල්පනා කලහොත් නියමිත ජයග‍්‍රහණය නියමිත ලෙස නොලැබෙන බවත් විශේෂයෙන් ජනාධිපතිවරණය තනිව ජයගත හැකි යයි සිතීම සතුරාගේ උවමනාව ඉටු කිරීමක් බවත් ඔහු කියා සිටී.

Related posts

වර්ජනය පැවතියත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව

colombotoday

ආණ්ඩුවේ කොන්ද පණ නැති, නෝන්ජල් ප්‍රතිපත්තිය නිසා රටම අරාජික වෙලා – මරික්කාර්

colombotoday

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

colombotoday

ග්‍රාම නිලධාරී විභාගය දෙසැම්බර් මුල් සතියේදී…

Admin

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin