Colombo Today Local News

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය දුන් නියෝගය

සුරාබදු පනත යටතේ සිදු කළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවා අයකර ගනු ලැබූ රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.

මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබීය.

නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.මේරි පෙරුමාල් ඇතුළු තුන් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය සිදුකළේය.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, තමන් විසින් පවත්වාගෙන ගිය මත්පැන් හලක් වැටලු සුරාබදු නිලධාරීන් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 40 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙස නියෝග කළ බවය.

සුරාබදු පනත යටතේ අදාළ වරද සඳහා අය කළ හැකි උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බව පෙන්වා දුන් පෙත්සම්කරුවන් ඒ අනුව තමන් වෙත නියම කර ඇති දඩය නීති විරෝධී බව කියාසිටියේය.

ඒ අනුව එම කරුණු පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන් වෙත නියම කර ඇති දඩය නීතියට පටහැනි බව තීන්දු කළේය.

ඒ අනුව දැනට නියම කර ඇති රුපියල් ලක්ෂ 40 ක දඩ මුදලින් රුපියල් තිස් හය ලක්ෂ පනස් දහසක මුදලක් ආපසු පෙත්සම්කරුවන් වෙත ගෙවන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් නියෝග කර තිබේ.

Related posts

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

colombotoday

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

colombotoday

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

දින 50 කට පසුව රනිල් අරලියගහ මැදුරෙන් පිටවී ගෙදර යයි

colombotoday

සිංහල නම්වලින් පෙනී සිටිමින් මුස්ලිම් පල්ලියකට පහරදීමට සැලසුම්කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි…

colombotoday