Colombo Today Sports NewsWorld

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් පැවසුවේ මෙම අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බවයි. මුල් වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් පස් දෙනෙකු යානයේ සිටින බවය. කඩා වැටුණු යානය ගිනි වළාවකින් වැසී ගොස් ඇත.

පස් වතාවක් එන්.බී.ඒ ශූරයකු වන බ්‍රයන්ට් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

ඔහුගේ හදිසි මරණය ගැන බොහෝ දෙනෙක් කම්පනයට පත්ව ඇති අතර, බොහෝ කීර්තිමත් පුද්ගලයන් සහ සෙසු ක්‍රීඩා තාරකාවන් ඔවුන්ගේ ශෝකය පළ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

එන්.බී.ඒ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෝබේ බ්‍රයන්ට් සහ 13 හැවිරිදි ඔහුගේ දියණිය ජියානාගේ අවාසනාවන්ත ඉරණමකට ලක්ව දිවි ගමනට සමුදී ඇති බවයි.

Related posts

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් සටන අද

Admin

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday