Colombo Today Local News

සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා නියෝග කර ඇත.

පසුගිය ජූනි මස 10 වන දින පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් ඉදිරිපිටදී සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 ක් වු කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට අදාළව එම සමාගමේ සේවකයින් 08 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අද දිනයේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවන් තිදෙනෙක් කැඳවා ඇකි අතර සැකකරුවන් 7 දෙනෙක් එහිදී හඳුනා ගෙන තිබේ.

Related posts

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin

එජාපය දිනූ හම්බන්තොට නගරාධිපති ධුරය ශ්‍රීලනිපයේ එරාජ්ට…

colombotoday

ඡන්දෙන් පස්සේ උතුරේ නායකයන් සමග වැඩ කරනවා

Admin

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

Admin

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin