Colombo Today Local News

දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි අපි මියගිය කොටි සාමාජිකයින් සැමදා සමරනවා- සිවාජිලිංගම්

දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

තමන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරාතුවම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට බවත් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝන දිනය වන කළු කොටි දිනය සමරනු ඇතැයි වූ බියසැක මත වැල්වැටිතුරෙයි පොලිසිය අත්අඩංගුවට ගත් බවත් සිවාජිලිංගම් මහතා සදහන් කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම පිළිබද අද (6)දින අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

1987.07.05 වනදා තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝනය (කළු කොටි) ආරම්භ වුනේ.එදින නිල්ලර් නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමයි යාපනය නෙල්ලිඅඩි හමුදා කදවුරට ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කලේ.මේ නිසා තමයි ජුලි 05 වනදා කළුකොටි දිනය වශයෙන් සමරන්නේ.

මම කළුකොටි දිනය සමරන්න යනව කියල පොලිසියට තොරතුරක් ගිහින් තිබුණා.ඒ නිසා වැල්වැටිතුරෙයි පොලිසිය පේදුරුතුඩුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අනුව මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වරෙන්තුව නිකුත් කරල තියෙන්නේ 2018.11.26 දින තිරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට නොයාම නිසයි.ඒක සති කිහිපයකට කලින් නිකුත් කරපු වරෙන්තුවක්.ඒ වරෙන්තුව පොලිසිය ඊයේ ප්‍රයෝජනයට ගත්‍තා.

මම එක දෙයක් කියන්න කැමතියි.එල්.ටී.ටී.ඊය සටන් කළේ දෙමළ ජනතාවගේ නිදහස උදෙසා වූ නිදහස් දෙමළ ඊලමක් වෙනුවෙන්. ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා නිසා තමයි ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා පවා සාම ගිවිසුමකට අත්සන් කලෙත් දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණයි.දෙමළ ජනතාවගේ ඒ හැගීම වෙනස් කරන්න කිසිවෙකුටත් බැහැ.

අපි අද කියන්නෙත් දෙමළ ජනතාවගේ නිදහස තවමත් හිමිවෙලා නැහැ කියන එකයි. ඒ ජනතාවගේ නිදහස වෙනුවෙන් අප ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක තවමත් නිරතව සිටිනවා.දෙමළ ජනතාවගේ නිදහස තහවුරු කිරීමට ඔවුනව ගෞරවනිය ජාතියක් ලෙස ජීවත් කරවීමට නම් එම ජනතාවට තනිව තීන්දු ගත හැකි ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි.

අපි එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දත් ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දිවිදුන් සාමාජිකයින් මෙන්ම මියගිය සිවිල් වැසියන් සිහිකර පහන් දල්වනවා.මියගිය කෙනෙක්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් පහනක් දල්වනව කියන්නේ වැරද්දක් නෙවෙයි.අපිව නවත්වන්න කාටවත් බැහැ. යැයිද සිවාජිලිංගම් මහතා සදහන් කලේය.

– lankadeepa

Related posts

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ට පැනවු සංචාරක සීමාවේ වෙනසක්

colombotoday