Colombo Today Local News

සිවුරට අත තිබ්බොත් ආණ්ඩුවේ අවසානයයි, බුද්ධ නීතියට මිස ගිහියන්ගේ විනය නීතිවලට භික්ෂූන් යටත් නෑ – ඤාණසාර හිමි

ganasara thero 2365රට ජාතිය ආගම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවන භික්ෂූන් වහන්සේලා මර්ධනය කර තමන්ට සුවච කීකරු නපුංසක නිකායක් බිහි කරගැනීම සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් පූජ්‍ය ගලොඩඅත්තේ ඤාණසාර හිමියන් රජය විසින් ගෙන ඒමට නියමිත භික්ෂු කතිකාවත් පනතට එරෙහිව දීර්ඝ වශයෙන් කරුණ පැහැදිළි කිරීමක් කරනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ ඤාණසාර හිමියන්
“රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව කෙටුම්පත් කොට සම්මත කිරීමට උත්සහා ගන්නා පනත අප තරයේම හෙලා දකිනවා. මේ පනත සම්මත වුණොත් අසාධාරණයට එරෙහිව නැගිටින, ජාතිය සසුන රැකගැනීමට පෙරට එන, විරෝධතාවල නියැළෙන ස්වාමීන් වහන්සේලාව අත්අඩංගුවට ගන්නත් දඩුවම් කරන්නත් පුළුවන්.මේවා පිටුපස ඉන්නේ බටහිර රටවල න්‍යායපත්‍රවලට ක්‍රියාත්මක වන අපේ රටේ මිසදුටුවන්.

වීර පුරන් අප්පුට ඔටුන්න පළදවලා කඩුව අතට දුන්නෙ කුඩාපොළ හාමුදුරුවෝ, ඉංග්‍රීසි කොඩිය බිම දාල සිංහලේ කොඩිය එසෙව්වෙ වාරියපොල හාමුදුරුවෝ, එදා ඉදල රට,ජාතිය,ආගම රැකගැනීම සදහා භික්ෂූන් වහන්සේලාට තිබෙන අයිතියවත් යුතුකමවත් නීති වලින් යටපත් කරන්න කාටවත් බැහැ. ඒවැනි දේට අප ඉඩ දෙන්නෙත් නැහැ.

භික්ෂූන් මර්ධනය කරන්න පනත් සම්මත කරන ආණ්ඩුවට අපි අභියෝග කරනවා, හැකිනම් අන්‍යාගම්කරන පනත සම්මත කරන්න කියලා. ග්‍රන්ථ ප්‍රකාශන නියාමන පනත සම්මත කරන්න කියලා”

ඤාණසාර හිමියන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පරිදිය

Related posts

බෙදුම්වාදීන් ඉල්ලන, රනිල්-චන්ද්‍රිකාලා බලාත්මක කරන්න ගිය 13 න් බලය බෙදීමෙන් රටට වෙන අගතිය ජනපති යුරෝපා ලොක්කන්ට කියා දෙයි !

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි

colombotoday

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව රාජිත සටනට.. කොළඹදී මහ විරෝධයක් !

colombotoday