මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යාහ්න 12.00ට අවසන් විය. ඒ අනුව අපේක්ෂකයන් 41ක් මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
අද දිනයේදී එම්.කේ. සිවාජිලිංගම් හා නැගෙනහිර පළාත් හිටපු ආරණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුද ඇප තැන්පත් කර තිබේ.
මේ අනුව මෙවර ජනපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරන ජනපතිවරණය බවට පත්වීමට අවස්ථාව තිබේ.