2019 චන්දය ගැන කතාකරමින් පැෆරල් විධායක නිලධාරී රෝහණ හෙට්ටිාරච්චි වාර්තාකලේ සමහර පන්සල් (හාමුදුරුවරු) චන්ද නීතිය කඩකල බවය. මැකෝ දේශප්‍රිය විසින් ගෝඨාභය ජනාධිපතිවීමේ නිල නිවේදන කතාවේදී ආගමික නායකයින් දේශපාලනයේ යෙදීම විවේචනය කලේය. මෙය එල්ලවන්නේ ගමේ පන්සලට මිස හොරෙන් එය කරණ ලෙබ්බේවරුන්ට හෝ ඇතැම් එකී නොකී ක්‍රිස්තියානි පූජකවරයින්ට හෝ නොවේ. මේ දෙන්නා මෙසේ කතාකරන්නේ මාක්ස්වාදය බදාගෙනද, නැත්නම්බොරු ඇමෙරිකන්-ප්‍රංශ ලිබරල්වාදයෙන් අන්‌ධවීද යන්න පැහැදිලි නැත. මීට හේතුව නම් ගොඨාභයට විරුද්ධව දඹර අමිල හිමි- හිරුණිකා-රාජිතගේ සිට රන්ජන් රාමනායක-චම්පික රණවක-සරත් ෆොන්සේකා දක්‌වා අය කල අසාධාරණ හා අසත්‍ය ප්‍රකාශ ඉදිරියේ මේ දෙන්නා බකන්නිලාගෙන නැත්නම් අසරණව සිටි නිසාය. චන්ද නීතිය ගොබ්බ නීතියක් විය. එවැනි කැත ක්‍රමයක්, සවුත්තු (එස්බී දිසානායකගේ වචනවලින් බලු) නීතියක් ඉදිරියේ ලංකාවේ චන්දදායකයාට තිබුණු එකම ප්‍රජාතන්ත්‍රවාදය වූයේ හාමුදුරුවරුන්ගේ කතා නොවේද? එයට විරුද්ධව කතාකිරීම මැකෝගේ හා රෝහණගේ ප්‍රජාතන්ත්‍රවාදයද? තමා ජනාධිපතිවූයේ හාමුදුරුවරු දුන් සහයෝගය නිසා බව ගෝඨාභය කියන්නේ ඔහු දිණුවේ මහජන චන්දයෙන් නිසා නොවේද? අවුරුදු හතලිහක් පුරා චන්දය පාවිච්චි නොකල ආරණ්‍යවාසී භික්‍ෂූන් පවා මෙවර චන්දය දීමට ඉදිරිපත්‌වූයේ කුමක්නිසාදැයි මේ චන්ද විශේෂඥයින් දෙන්නාට නොසිතෙන්නේ ඇයි?
අවුරුදු හතලිහක් තුල ඇමෙරිකාවේදී මා නොදුටු (චන්ද) නීතියේ ආධිපත්‍යයක් ගැන මැකෝ හා පැෆරල් කට්ටිය ලංකාවේදී හලන්නේ කිඹුල් කඳුළු නොවේදැයි මට සිතේ. මීට හේතුව මෙවුන් ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැන සිටීමය (ඉතිහාසය කියන්නේ රටක අතීත භූගෝල විද්‍යාවටය). උදාහරණයක් වශයෙන් ජාතියේ මුරදේවතාවා සංඝයා ය යන සංකල්පය මේ කළුසුද්දන්ට නොතේරේ. මේ ගැන නොදන්නා සෙසු දේශපාලකයින්ට වඩා නෛතික, සදාචාරාත්මක වගකීමක් මේ ආයතන දෙකටම ඇත. මේ අයගේ ආකල්පමය වෙනසක් සිදුවිය යුතු නිසාය. දැණුම නැතිව දැකුම වර්‌ධනය නොවන නිසාය. 1930 ස් ගණන් වල තරුණ බණ්ඩාරනායක මහතා පෙඩරල් කතා කලේත්, 1947 දී ඩිිෙස් සේනානායක අයිවෝර් ජෙනින්ස්ගේ 29 වගන්තිය බදාගත්තේත්, ප්‍රථමයා එංගලන්ත ඉතිහාසය පමණකුත්, දෙවැන්නා කිසිම ඉතිහාසයකුත් නොදැන සිටි නිසාය. දැන් පැෆරල් සංවිධානය පන්සලේ ඉතිහාස කතාව නොදන්නේ එහි ඉන්නා එක හාමුදුරු අධ්‍යක්‍ෂක හැර වැඩිදෙනා බෞද්ධ නොවන නිසා විය හැකිය. ඒ හමුදුරුවෝත් දඹර අමිල හිමිගේ ගෝලයෙක් නම් සිංහල බෞද්ධයාට අබසරණ නොවේද?
හාමුදුරුවරුන් චන්දයට මැදිහත්‌ව රට යහපාලන සාපයෙන් මුදවා ගැනීම ගැන නොසතුටින් කතා කිරීමට අමතරව, මෙම ඔහුගේ මැතිවරණ ප්‍රතිඵල නිල ප්‍රකාශණයේදී මැකෝ විසින් රටට ඉතාමත් අහිතකර කරුණක්ද පිටකලේය. මෙය ඇත්තවශයෙන් බලනවිට හාමුදුරුවරුන් දේශපාලනයට මැදිහත්‌වීමට විරුද්ද්ධව ඔහු දැක්‌වූ මතය නමැති කාසියේ අනිත් පැත්තමය. ප්‍රජාතනත්‍රවාදයේ බාප්පා මෙන් ඔහු ඉල්ලා සිටින්නේ අතුරුදහන් කල පලාත් සභා චන්දය නැවත ඉක්මණටම ගෙන එන ලෙසය. මෙය දිරච්ච ලණුවක්, ජාති ද්‍රෝහී ප්‍රකාශයක්සේ සැළකිය යුතු වන්නේ පණ ඇදමින් සිට මියගිය 13 සංශොධනය නමැති ජාතියේ මර උගුලට යළි හුස්ම පිඹීමට ගත් ශුක්‍ෂම ක්‍රියාවක් නිසාය. යහපාලනකාරයින් විසින් රටටම ඔප්පුකර දුන්නේ රටේ ජනයා පලාත් සභා සුදු අලි ගැන තැකීමක් නොකරණ බවය. නොයෙකුත් වෙට්ටු, මගඩි හරහා චන්ද කල්දැමීමෙන් මේවා රටට අනවශ්‍ය බරක් බව රටටම හෙලිවිය. පලාත් සභා චන්ද ඉල්ලා එක මිනිහෙක්වත් පෙලපාලි ගියේ නැත. උතුරේවත් එය නොසිදුවූයේ විග්නේශ්වරන්ලා කල මගඩි නිසාය. මේවාට කැමති, ඒවා නිසා බලය, දූෂණය, හොරාකෑම කරගෙනයන මොන්ටිසෝරි දේශපාලකයින් හා ඒ නිසා හොරකම් කරමින් වැජඹෙන පලාත් නිලධාරි ප්‍රජාව පමණය. පාර්ලිමේන්තුවට ගොස් හොරකම් කරන ආකාරය ගැන පුහුණුව දෙන ආයතන ලෙස පලාත් සභා ක්‍රියාකරයි. මේවායින් රටට සත පහක වැඩක් නැත.
පලාත් සභා චන්දය අතුරුදහන් කරවීම නව ජනාධිපති විසින් සැළකිය යුත්තේ වෙස්‌වලාගත් භාග්‍යයක් ලෙසය. ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී 13 සංශොධනයට විරුද්ධව මහජන වරමක් ලබාගැනීමට ඔහු සැලසුම් කල යුතුය. මීට අදාලව කලින් ජනාධිපති මහින්ද කල වරද නිවැරදි කිරීමට තවත් අවස්‌ථාවක් මේ රට බලාගන්නා යම් අදෘෂ්‍යමාන බලවේග විසින් උදාකරදී ඇත. 2009 මැයි 19 දාට පසුව යුද ආඥාවක් මඟින් 13 සංශොධනය අහෝසි කිරීමට තිබූ අවස්ථාව වැරදි උපදෙස් නිසා ගිලිහී ගියේය. මෙම අදූරදර්ශී ක්‍රියාව නිසා විශ්නේශ්වරන් නම් කොටිවල්ගය අල්ලාගෙන ඔහු පසු පස්සේ දුවන්නට හැමදෙනාටම සිදුවිය. ඔහු විසින් අල්ලේ නැටවූ අය බොහෝය.
13 සංශොධනය යනු මේ රටේ කොටසක දෙමළ නිජ භූමියක් තිබෙනවා යන මිථ්‍යාව ව්‍යවස්ථාවට, කූට ලෙස, ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස, මන්ත්‍රීන් හෝටලය සිරකර තබාගෙන, ජනමත විචාරණයකින් තොරව ගෙන ඒමකි. මේ නිසා දැන් ලංකාව පෙඩරල් ක්‍රමයක් ඇති රටක් යයි සුප්‍රීම් උසාවිය තීරණය කර ඇත. එපමණක් නොව පෙඩරල් ක්‍රමය ගැන කතා කිරීම නීති විරෝධි නැතැයිද උසාවිය තීන්දු කලේය. මේ නිසා රට කඩන්නට හවුල් නොවෙනවායයි ඇමතිවරු දිවුරුම්දෙන ප්‍රකාශය රටේ ජනයා රවටන ඇස්බැන්දුමක් පමණය. ඊළමක් ඉල්ලන පක්‍ෂයකට පෙඩරල් ගැන කතා කිරීමට භාධාවක් නැතැයි නඩුකාරයින් කීප දෙනෙක් තීරණය කරන්නේ නීතිපොතේ තර්‌කය මිස මේ රටේ පෙඩරල් ඉතිහාසය ගැන ඔවුන් නොදන්නා නිසාය. 1921/23 දී ඇරඹුණ ඒ ව්‍යාපාරය 2019 සජිත්ගේ චන්ද ප්‍රකාශණය දක්වාම දුවමින් සිටී. මෙහිදී කොලේ වහලා, අන් හැමදේදීම වගේ යහපාලනකාරයින් කල වංක, දූෂිත, ජාති ද්‍රෝහී හැසිරීම දැන් රටම දනී.
මිලින්ද මොරගොඩ වැනි පුද්ගලයින් පවා දැන් කියන්නේ පලාත් සභා අහෝසිකර, ප්‍රාදේශීය සභා, නගර සභා මට්ටමෙන් ජනයාට බලතල ලබා දියයුතුය කියාය. ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, ජපානය, කැනඩාව වැනි රටවල් ලංකාවට බණ කියන්නේ දෙමළ ජනයාට මීනින්ෆුල් (නියමාකාරයට, ඇත්තවශයෙන්ම) ඩෙවොලූෂන් දෙන ලෙසය. උතුරු-නැඟෙනහිර දමිළ ජනයාට පමණක් නොව මුළු රටේම ජනයා බලවත් කිරීම (එම්පවර්‌මන්ට්) ජාතික අවශ්‍යතාවයකි.
13 අහෝසි කිරීම වෙනුවට එයත් සමඟ බිම් මට්ටමින් තුන්වන පංචයාත් වැනි ග්‍රාම රාජ්‍ය සංකල්පයක් හඳුන්වාදීමේ යෝජනා යහපාලන සුමන්තිරන්-ජයම්පති-ලාල් විජේනායක හොර ව්‍යවස්‌ථා මගඩියේ පවා සඳහන්වේ. එහෙත් මෙය කලයුත්තේ ආගම, ජාතිය, භාෂාව යන නිර්‌ණායක වලින් තොර කුඩා ඒකක සදා ගැනීමෙනි. මෙය ආරම්භකල යුත්තේ දැනට ඇති ග්‍රාම සේවා වසම් 14,000 (කලින් තිබූ 4000 මෙසේ වැඩිකලේ ජනාධිපති ප්‍රේමදාසය), ස්වාභාවික මායිම් සහිත ඒකක ලෙස යලි සකස් කිරීමය. මෙහිදී නිව්සීලන්තය වැනි රටවල් කර ඇත්තේ ගංඟා ද්‍රෝණි ඒ සඳහා යොදාගැනීමය. මේ අන්දමට 14,000, රටට, පරිසරයට, තිරසර සංවර්‌ධනයට, ජනයාට ගැලපෙන අන්දමේ ඒකක ලෙස බිහිවනු ඇත. මෙම මූලික ඒකකය ප්‍රාදේශීය සභා මට්ටමින් හෝ ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශ හෝ වෙනත් ඕනෑම මට්ටමකින් ක්‍රියාත්මක කල හැකිවේ. ලංකාවේ අනාදිමත් පරිපාලන ඒකක මොඩලය වූයේද, ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වයය. ජලය අනුව මායිම් සදන්නේ නම්, ඇල, දොල, ඔය, ජල උල්පත, යෝධ ජල ලිං, වැව, ජලාශ යනාදී වශයෙන් උපයෝගීකර ගතහැකි සාධක බොහෝය.
මෙවැනි පදනමක් මත ක්‍රියාකිරීමෙන් භාෂා-ජාතිය-ආගම අනුව ඇති බෙදීම් දියවී ගොස්, පාසැල්වල සිංහල දෙමළ භාෂා ඉගෙන ගැණීම අනිවාර්ය කරණවා වැනිම සහජීවන අවකාශයක් මතුවේ. මේ මඟින් දෙමළ ආක්‍රමණයක් පිළිඹඳ සිංහල මනසේ ඇති යථාවාදී බිය තුරන් වන අතරම, සාමාන්‍ය දෙමළ ජනයාට ගම් මට්ටමින් ස්වයංබලගැන්‌වීමක්ද සිදුවේ. මෙවැනි ක්‍රියාමාර්‍ගයකට ටීඑන්‌ඒකාරයින් හා සිංහල දේශපාලකයින් කැමතිවන්නේ නැත්තේ ඔවුන්ගේ ග්‍රහණයෙන් ජනයා නිදහස්‌වන නිසාය. දේශපාලකයෙක් නොවන ගෝඨාභය වැන්නෙක් අවශ්‍ය මේ නිසාය. රටට සුදුසු දේ සිදු නොවූ නිසා, මුන් අවුරුදු 71 ක්ම රට කෑවා, මුන් 225 ම පන්නා දැමිය යුතුය යන ද්වේශයක් ජනයා තුල ඇති විය.
මෙම සැලස්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් සංහිඳියා කොමිෂමටත්, රටේ ජනාධිපතිලාටත් මීට අවුරුදු දහයකට පෙර සිටම ඉදිරිපත්කලත් වැඩක්‌වුනේ නැත. කරු ජයසූරිය මහින්ද රජයේ ස්වදේශ ඇමතිව සිටියදී ඔහුට එය ඉදිරිපත්කල විට මට නිලධාරියෙක් (පරිපාලන පුහුණු සේවා ආයතනයේ අධ්‍යක්‍ෂක) උත්තරයක් එව්වේය. ඔබ වැනි රට ගැන හිතන අය සිටීම ගැන අපි ආඩම්බර වෙමු. ඔබ යෝජනා කරන දේ දැනටමත් අප විසින් ක්‍රියාවට නඟමින් සිටිමු! මෙම යෝජනාව ගැන ජනාධිපති මහින්ද උනන්දුවක් දැක්‌වූවත්, පැවතුන ගතානුගතික දේශපාලන ක්‍රමයෙන් ඔබ්බට යෑමට ඔහුගේ කිට්ටුම උපදේශකයින් දෙතුන් දෙනෙක් හරහට සිටියේය.
චන්ද්‍රසිරි විජයවික්‍රම, (LL.B.,Ph.D) විසිනි