Colombo Today Local News

සැරයන්ගේ රියදුරු බලපත් පොත ඉරා රියදුරු බලපත්‍රයත් කැඩූ ගුරුවරියක් අත්අඩංගුවට

පිටකොටුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත උදුරාගෙන පිටු කීපයක් ඉරා දැමූ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසනවා.

පිටකොටුව පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයා පිටකොටුව ටයිටස් ගොඩනැගිල්ල ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටියදී තහනම් ප්‍රදේශයක මෝටර් රථයක් නවතා තිබී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී රියදුරට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කිරීමට යාමේදී රියදුරුගේ බිරිඳ වන සැකකාර ගුරුවරිය නිලධාරියා අත තිබූ රියදුරුගේ රියදුරු බලපත්‍රය බලහත්කාරයෙන් ලබාගෙන කඩා ඉවතට විසිකර නිලධාරියට අයත් තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ පිටු කිහිපයක් ඉරා දමා ආවේගශිලීව හැසිරී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව සැකකාරිය සාපරාදි බලහත්කාරය පෑම රාජකාරියට බාධා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල වෑවල පාර කරදියාන පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

Related posts

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

“ශ්‍රීලනිප‍යෙ දෙවනියා නෙවෙයි, ඕන නම් පළවෙනියා වෙන්නත් මට පුළුවන්” ගෝඨාගෙන් සුපිරි පිළිතුරක්

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

colombotoday

යාල කැලේ ගල් ලෙණකින් වියළි ගංජා ගෝනි 25ක් වනජීවි නිලධාරීන් සොයා ගනී

colombotoday

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

colombotoday