ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා විසින් රචිත ග්‍රන්ත් 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වන ලෙස ඉල්ලා රෝහණ විජේවීර මහතාගේ බිරිද චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් නඩුවක් ගොනුකර ඇත.
තව ස්වාමිපුරුෂය විසින් රචිත මෙම කෘතිවල අයිතිය තමන් සතු බවත්, එය ජිවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධීමය දේපළ අයිතීන් උල්ලංඝණයවන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.
කොළඹ වාණිජ මහාධිකරණය අදාල පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළ අතර ලබන 27 වනදා ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබේ.