Colombo Today Local News

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇත්දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එහි ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ සඳහා ගුරුවරුන්ගේ හා සිසුන්ගෙන් තොරතුරු අන්තර්ජාලය හරහා සහ කොට්ඨාස නිලධාරීන් මගින් ලබා ගැනීමට නියමිත බවයි.

එම තොරතුරු මත පදනම්ව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දින වකවානු අවසන් වශයෙන් තීරණය කරන බව ද ඔහු පැවසුවේ ය.

කෙසේවෙතත් ලේකම්වරයා සඳහන් කළේ, සාමාන්‍ය පෙළ විභාගය දැනට ප්‍රකාශිත කාල සීමාව තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ලබන ජනවාරි 18 වැනිදා සිට 28 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

මේ අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, පාසල් ආරම්භ කිරීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව සෑම පළාතකම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධ කරගනිමින් අදාළ සාකච්ඡා පැවැත්වෙනු ඇති.

මීට අමතරව සෞඛ්‍ය බලධාරීන් සමග සම්බන්ධ වෙමින් පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday

දියහොද ඇල පිටාර ගැලීමෙන් මරදගොල්ල ග්‍රාම සේවා වසමේ පවුල් 30ක් අවතැන්

colombotoday

හිරු හා දෙරණට රජයේ දැන්වීම් ලබා දීම අත්හිටුවීමට මංගලගනේ යෝජනාවක්…

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday