වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින කාන්තාවක් රදවාගෙන සිටින බවට චෝදනා කරමින් මධ්‍ය පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි ට විරෝධය පළ කරමින් අද (09)පස්වරුවේ කොළඹ දවටගහ පල්ලිය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා.
සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයන් පිරිසක් ‘පවුල් කඩන ගෑණු හොරාට යහපාලනයෙන් MSD ආරක්ෂාව’ යැයි සදහන් පුවරු රැගෙන මෙම විරෝධතාවයේ නියැළුණා. මුස්ලිම් සංස්කෘතියට නිග්‍රහ කරන බව පවසමින් ඉකුත් දා නැගෙනහිර පළාතේද සාලිට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.