දුම්රිය වැඩ වර්ජනයට මූලික වී ඇති ගැටලූ සම්බන්ධව ඊයේ (30 දා) කැබිනට් අනු කමිටු සාමාජිකයින් සහ වෘත්තිය සමිති අතර පැවැති සාකච්ඡුා අසාර්ථකවීම නිසා තවදුරටත් වර්ජනය ක්රියාත්මක කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
කෙසේ වෙතත් දුම්රිය සේවක වැටුප් ප්රශ්නය විසඳීම සඳහා විශේෂ කැබිනට් පත්රිකාවක් අද (01 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත් කරන බව එම අනු කමිටු සාමාජිකයින් වෘත්තිය සමිති නියෝජිතයින්ට පොරොන්දු වී ඇත.