Colombo Today Local News

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

කොළඹ කොච්චිකඩේ, මීගමුව කොච්චිකඩේ  සහ මීගමුව කටුවපිටිය  යන දේවස්ථාන තුනක්   ඇතුළු ස්ථාන 5 ක  අද උදෑසන  සිදු වු  පිපිරීමකින්  පුද්ගලයින් රැසක්  තුවාල ලබා ඇතැයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද තවත් බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම්  අද උදෑසන 8.45ට පමණ  මෙම සිදුවිම් වී තිබේ. 

තුවාල  ලැබූවන්  මේ වන විට කොළඹ ජාතික රෝහලට   ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන්  කරයි. තුවාල ලැබුවෝ 80 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.‍

කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී  ඇති අතර මේ වන විටි එහි ඇති සිරුරු ඉවත් කිරීමේ කටයුතු අරඹා තිබේ. දේවස්ථානය තුළ සැකකටයුතු පාර්සල් දෙකක් ද  ඇති බව  සඳහන් කරන පොලීසිය ඒවාද බෝම්බ විය හැකි බව සඳහන් කරයි.

මෙම  ස්ථානවල රැදී සිටින  ජනතාවට ඉවත් වන ලෙසද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර  මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.


මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 40 කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහලට  ගෙනවිත් ඇති අතර  තුවාල ලැබුවෝ  160 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද  තුවාල ලැබුවෝ අතර විදේශිකයින් විශාල පිරිසක්  සිටින  බවද රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.


කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ.

Related posts

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි. | ප්‍රධානියෙකුට ලංකාවට එන්න අධිකරණ අමාත්‍යාංශයෙන් නිර්දේශ දීලා.

colombotoday

සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday