Colombo Today Local News

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු වන තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සමග සබ`දතා පැවැත්වූ තමිල්නාඩුවේ මුස්ලිම් අන්තවාදීන්ගේ රහස් නිවාස හතක් ඉන්දීය බුද්ධි සේවා මගින් වටලා ඇත.

තමිල්නාඩුවේ කොයිම්බතුර්හි මෙම වැටලීම් සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය කියයි.

අයිසිස් සංවිධානයට සම්බන්ධ මෙම කණ්ඩායම සහරාන් හෂීම්ගේ මුහුණු පොතේ මිතුරන් බවද හෙළිවී තිබේ. ඉන්දියාවේ ප‍්‍රමුඛතම බුද්ධි සේවාව වන ජාතික විමර්ශන ආයතනය විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ඉන්දීය බුද්ධි අංශ මීට පෙර කේරළයේ මෙන්ම හයිද්‍රාබාදයේ ද වැටලීම් සිදු කර මුස්ලිම් අන්තවාදීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මොවුන් ද සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇත.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

(VIDEO) වික්ටෝරියා බලාගාරයේ නළයක කාන්දුවක් – විදුලි කප්පාදුවක් අතලඟ?

colombotoday

තිස් වසරක යුධ ජයග්‍රහනයට වඩා අනුරගේ ජයග්‍රහනය විශිෂ්ඨයි

Admin

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday