Uncategorized

සහජීවනය හදන හැටි බුදු දහමින් ඉගෙන ගන්න… ලංකාවේ අපට විදෙස් මැදිහත්වීම් එපා – අගරදගුරුතුමා

ලංකාවේ ගැටලු විසදා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් පවසයි.

ඊයේ (05) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් කාදිනල්තුමන් වැඩිදුරටත් අවධාරණය කළේ සහජීවනය ගොඩනැගීමට අවශ්‍ය මග පෙන්වීම බුදුදහමින් ලබා ගත හැකි බවයි.

ජපානයේ ලංකාජී විහාරාධිපති, ඉන්දියාවේ සාංචි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින්වහන්සේගේ හැටනව වන ජන්ම දිනය නිමිත්තෙන් ඉන්දිය ලේඛක ශාහිල් සිද්ධික් රචනා කළ උන්වහන්සේගේ චරිතාපදානය වන අංජලි කරනියෝ ග්‍රන්ථය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එලි දැක්විණි.

විදේශිය රටවල් ශ්‍රී ලංකාව මිලේච්ඡ ජාතියක් ලෙස සෑම තැනකදීම හංවඩු ගසිම සිදු කරණ බවත් අපගේ රටට සහ කීර්තියට අපහාස කරන පිරිස් බටහිර යුරෝපයේ සහ වෙනත් රටවල ජීවත්වන බවත් ප්‍රකාශ කළ කාදිනල්තුමන් ශ්රී‍රී ලංකාව තුල ආගමික විවිධත්වය පිළිනොගන්නා බවට චින්තනයක් ලෝකය පුරා ඇති කිරිමට උත්සාහ ගන්නා බවත් එය කණගාටුදායක බවත් පැවසීය.

අපේ රට ගහක් නම් බුදුදහම එහි මුදුන් ලීය බවත් ඒ කඳට සම්බන්ධ වූ අතු ලෙස විවිධ ආගම් අදහන පිරිස මෙරට තුල ලස්සනට ජීවත් වන බවත් එතුමන් වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

20ට එරෙහිව සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඇතුළුව තවත් පෙත්සම් 6ක්

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

කොවිඩ් ආසාදිතයින්ට අවශ්‍ය ඔක්සිජන් සංචිත සම්පාදනය කිරීමට සැලැස්මක්

colombotoday