රට තුළ මේවන විට උද්ගතව තිබෙන තත්ත්වය පිළිබදව පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් කල්තියා පෙන්වාදෙද්දී ඒ පිළිබදව වැරදි අවබෝධයෙන් කටයුතු කිරීම ගැන උන්වහන්සේගෙන් සමාව අයදින බව ජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ මහතා දක්වා ඇති අදහස පහත දැක්වේ. මේ රට තුළ වර්ධනය වෙමින් පැවති ඉස්ලාමීය අන්තවාදී අනතුර පිළිබදව කල් තියා අනතුරු අගවද්දී එය විවේචනය කළ සමාජයේ විවිධ තලවල බොහෝ පිරිස් ඥාණසාර හිමියන්ගෙන් සමාව අයදිමින් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අදහස් පලකර ඇත.