Colombo Today Local News

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

සහල් නිෂ්පාදකයන් සහ සහල් මෝල් හිමියන් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (04)දින රාත්‍රියේ නිකුත් කරනු ලැබීය.

එම ගැසට් නිවේදනයට අනුව සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක උපරිම මිලක් සහ සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක මිලක් ද නියම කර තිබේ.

සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට එම උපරිම මිල ගණන්වලට වඩා වැඩි මිලට සහල් වෙළෙඳාම් කිරීම එමගින් තහනම් කර ඇත.

Related posts

මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළ හොරු බිඳලා

colombotoday

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

පාඨලී හක් ගෙඩියෙන් ටෙලිෆෝනයට.. සභාපති තනතුර සරත් ෆොන්සේකාට

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday

අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍යයි

colombotoday

අවධානයෙන් ඉන්න. – බේරුවල භූ චලනය ගැන විස්තර

Admin