අද (4) උදෑසන 9.30 ට පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
ඒ පසුගිය මාර්තු 1 වන දින ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් පසුයි.
ඉන් අනතුරුව මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධිය පිළිබඳ සමන් රත්නායකට චෝදනා එල්ල වී ඇත.