සිය අමාත්‍යාංශවල කටයුතු ලබන සඳුදා දිනට පෙර ආරම්භ කරන ලෙස සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා.
අමාත්‍ය ධුරවල දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
හැකි ඉක්මනින් අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කර ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්නා ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත දැනුම් දී ඇත්තේ.